Thursday, September 4, 2014

ඖෂධීය ශාක

මතභේදයට තුඩු දී ඇති
                                                        ශ්‍රි ලංකාවේ ඖෂධීය ශාක භාවිතය


                                   ශ්‍රි ලංකාවේ භාවිත වන දේශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් සාර්ථකව සිදු කිරීමට වෛද්‍යවරයා රෝගියා, ඖෂධ හා උපස්තායකයා යන කරුණු 4ම
නිවැරදි සංයෝග විය යුතු බවත් මේ සෑම දෙයකම තිබිය යුතු ගුණාංගයක් පිලිබඳවත් ආයුර්වේදය තුල සඳහන් කර තියනවා..

  ආයුරේද ප්‍රතිකාර සදහා යොදාගනු ලබන ඖෂධ ද්‍රව්‍යවල නම්,ආයුර්වේද සංහිතා ග්‍රන්තවල සඳහන් වනුයේ සංස්කෘත නම් වලිනි. එම  සංස්කෘත නම් පසුකාලිනව හදුනාගෙන විවිධ භාෂාවලට පරිවර්ථනය කරලා තියෙනවා.ඒ වගේම ශාක විද්‍යයාත්මකව හඳුනාගෙන ඒවාට විද්‍යයාත්මක නම් ලබා දි ඇති නිසා බහුතරයක් ශාක වල යොදා ගැනිම් පහසු කරයි. නමුත් සමහර ඖෂධීය ශාක පිළිබඳ පැරනි ග්‍රන්ථවල සඳහන් විස්තර වලට අනුව ඒවා හදුනා ගැනිමට අමාරු වී ඇත.හරියටම හඳුනාගත් ශාක විශේෂය වෙනුවට එම වර්ගයේ ම හෝ ඊට සමාන බාහිර රූපකාරක තිබෙන හෝ විවිධ අනු කාරක ශාක ද යොදා ගැනිම බහුලව වෙනවා.

ලංකාවේ දැනට භාවිතා කරනු ලබන ඖෂධ පැළැටි නිවැරිදිව හඳුනාගැනිමට අවශ්‍ය ක්‍රමවත් වූ ක්‍රමවේදයක් තාමත් සැකසි නෑ.විවිධ අනුකාරක ශාක,ඖෂධීය ශාකය වෙනුවට යොදාගන්නා නමුත් ඒවායේ ඖෂධිය වටිනාකම කෙතෙක් දුරට සාර්ථක ද යන වග කවුරුවත් දන්නෙ නෑ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යොදාගන්නා ප්‍රතිකාර අතර දශමූල කසාය ප්‍රධාන තැනක් ගන්නවා.එසේම එය බහුලවම යොදා ගන්නා ඖෂධයකි. දශමූල සඳහා ශාක වර්ග 10ක මුල් ලබා ගනී.මේ සඳහා ශාලපර්ණී හා පෘෂ්ණපර්ණී ලෙස හැදින්වෙන ශාක දෙක වෙනුවට ලංකාවේ අස්වැන්න හා පොල්පලා ශාක යොදා  ගැනේ. එහෙත්, මේ ශාක දෙක කෙලෙස, කවර කලක,කවුරුන් විසින් භාවිතයට ගැණුනේ දැයි සඳහනක් නැත. ඉන්දියාවේ නිවැරදි ශාලපර්ණී පෘෂණපර්ණී භාවිතා කරයි. එහෙත් ලංකාවේ ශාලපර්ණී, පෘෂ්ණපර්ණී නිවැරදි ශාක වැවෙන බව නිසා වගා කිරීමක් ද නොමැත. ඒ වෙනුවට අස්වැන්න හා පොල්පලා භාවිතයට ගැනෙනුයේ විධිමත් වූ කිසිඳු ක්‍රමවේදයකට නොව හුදෙක් පුරුදු වූ යොදාගැනීම් මඟිනි.

No comments:

Post a Comment