Thursday, August 28, 2014

සමබල ආහාර වේලක්...II

                                                                    කාබෝහයිඩ්‍රේට්


කාබෝහයිඩ්‍රේට් කියන්නෙ අපේ අහාර වල බහුලවම අඩංගු වන හා බහුලවම අඩංගු විය යුතු පොෂ්‍ය ද්‍රව්‍යක්.
ඒ වගේම අප අති බහුලව කාබෝහයිඩ්‍රේට් ආහාරයට එක් කර ගැනීම නුවණට හුරු නෑ.අපි බලමු ඒ ඇයි කියල?
කාබෝහයිඩ්‍රේට් කියල විද්‍යාත්මකව හදුන්වන්නෙ කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් කියන මුලද්‍රව්‍ය වලින් සෑදුන කාබනික සංයෝග කාණ්ඩයක්. මෙම කාබෝහයිඩ්‍රේට් අපගේ ශරීරය තුල කෘත්‍යමය මෙන්ම සංචිත ද්‍රව්‍යක් ලෙසත් පවතිනවා. අපගේ සියලුම  සෛල වල සිදුවන සෛලීය ස්වසනය යන ක්‍රියාවලියේ උපස්තර ලෙස බොහෝ දුරට යොදාගනු ලබන්නෙ මේ කියන කාබෝහයිඩ්‍රේට් තමයි.ඊට අමතරව ලිපිඩ මෙන්ම ප්‍රොටීනද මෙම සෛලීය ස්වසනය සදහා යොදාගනු ලබනවා.
තවද අපගේ ශරීරයට අවශ්‍ය වන සමහර ලිපිඩ, විටමින්, නියුක්ලික් ඇසිඩ් වැනි දේ නිෂ්පාදනය කරගන්නෙත් මේ කියන කාබෝහයිඩ්‍රේට් වලින්ම තමයි. ඒ සදහා විවිධ වූ යාන්ත්‍රන අපගේ ශරීරයේ ක්‍රියාත්මක වෙනවා.
ඉතින්කාබෝහයිඩ්‍රේට් අපගේ ශරීරයට බහුලව අවශ්‍ය වන කාරනය දැන් ඔබට වැටහෙනව ඇති. ඒත් ඉතින් කාබෝහයිඩ්‍රේට් කියන්නෙ ආදරය වගේ දෙයක් තමයි. ඕනිම දෙයක් ඕනවට වඩා ඕනිම නෑ කියනව වගේ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අපි ආහාරයට ගත්තොත් ලිපිඩ වගේ දේවල් ශරීරයේ නිෂ්පාදනය වැඩිවෙනවා.අද සමාජයේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් ගත්තම සීනි වැඩිවෙනව කියන දේ. දැන් අපි බලමු ඒ දේ වෙන්නෙ කොහොමද කියල. අපි කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නෙ පිෂ්ඨය කියන සංයෝගය. මේ පිෂ්ඨය අපගේ ආහාර මාර්ගය තුලදි ඇමයිලේස් කියන එන්සයිමය අධාරයෙන් කුඩා කොටස් වලට (උදා-ග්ලුකෝස්) කැඩෙනව නැතහොත් ජීර්නය වෙනවා. මෙම ග්ලුකෝස් අපගේ රුධිරය මගින් අවශෝෂනය කරනවා.රුධිරය අවශෝෂනය කරන මේ  ග්ලුකෝස් ශරීරය තුල පෙර සදහන් කල සෛලීය ස්වසනය වැනි ක්‍රියාකාරකම් වලට යොදාගන්නව. මෙම ක්‍රියාවලිය ඉන්සියුලින් කියන එන්සයිමය මගින් වැඩි කරනවා නැතහොත් උත්ප්‍රේරනය කරනවා. මෙන්න මේ ග්ලුකෝස් රුධිරයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීම තමයි සීනි වැඩිවෙනව කියල හදුන්වන්නෙ. ඒකට හේතුව මේ කියන ඉන්සියුලින් ශරීරය තුල අඩුවීම හෝ තියෙන ඉන්සියුලින් ක්‍රියානොකිරීමයි. අපගේ රුධිර ග්ලුකෝස් මට්ටම බොහෝ කාලයක් අධිකව පැවතීමෙන් මෙවැනි තත්වයක් ඇතිවිය හැකියි.මෙලෙස රුධිර ග්ලුකෝස් මට්ටම වැඩිවීමෙන් හෘද්‍යාබාධ, වකුගඩු රෝග ඇතිවෙන්න පුලුවන්. හෘද්‍යාබාධ වලට හේතුවෙන්නෙ ග්ලුකෝස් වලින් හදන ලිපිඩ් ප්‍රමාණය වැඩිවීමෙන් ඇතරොස්ක්ලේරෝසිස් කියන තත්වය ඇතිවීමයි. එමගින් රුධිර වාහිනී කුඩා වීමක් සිදුවන අතර අධික රුධිර පීඩනය වැනි රෝගී තත්වයන් ඇතිවෙනවා.

No comments:

Post a Comment