Friday, September 26, 2014

ඔස්ටියෝපොරෝසිස්

                       ඔස්ටියෝපොරෝසිස් රෝගය හඳුනා ගනිමු...




ඔන්න අද ඔයාලට ඔස්ටියෝපොරෝසිස් කියන රෝගය ගැන කියදෙන්න
තමයි හිතුවෙ. මොකද අද වන විට ගොඩාක් අය මෙම රෝගය ගැන කතාවෙන නිසා.                                    
                                                       මෙම රෝගය මඟින් ශරීරයේ ඇති අස්ථි පටකයේ ප්‍රමානය අඩු කෙරේ. අස්ථි පටකය මෙසේ අවශෝෂණය වීම නිසා අස්ථි දුර්වල වේ. මධ්‍යස්තයේ ඇති සවිවර අස්ථිද බාහිකයේ ඇති සුසංහිත අස්ථිද තුනී වේ. මෙම නිසා අස්ථි වල ඝණත්වය අඩුවී එහි කුහරමය ගතිය වැඩි වේ. මෙයින් අස්ථි බෙඳී යාම සිදුවේ.
                                                       ඔස්ටියෝපොරෝසිස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකකි. ඒවායින් එක් ප්‍රභේදයක් ආර්ථවාභාවය සිදු වූ කාන්තාවන්ට ඇතිවන අතර දෙවන ප්‍රභේදය අවුරුදු 70ට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශයටම ඇති වේ.
මෙම රෝගය වැලඳීමට ඇති අවදානම් සාධක ලෙස
  • කාන්තාවක් වීම
  • අර්ථවාභවය
  • ක්‍රියාකාරී බව අඩු වීම
  • කුඩා අස්ථි සැකිල්ලක් තිබීම
  • ආහාර වල කැල්සියම් අඩුවීම
  • සිගරට් දුම් පානය
  • මත්පැන් පානය                                                      හදුන්වා දිය හැක.

 වයස්ගත වන විට ඇතිවන ඕටියෝපොරෝසිස්

 වයස්ගත වන විට ඔස්ටියෝපොරෝසිස් රෝගය හා සම්බන්ද නොයෙකුත් සාධක මතුවේ.අවුරුදු 35 දී අස්ථි ඝණත්වය උපරිම වන අතර මෙය ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් අඩුවේ. මේ නිස වයස අවුරුදු 70 වන විට අස්ථි බිඳීයාමේ අවධානම ඉතා ඉහල මට්ටමක පවතී. අන්ත්‍රයේ කාර්යක්ෂමතාවයද අඩු වීම නිසා කැල්සියම් අන්ත්‍රයේදී අවශෝෂනය වීමද අඩුවේ. මේ නිස රුධිරයේ කැල්සියම් අඩුවේ. තවද අස්ථි සෑදීම ක්‍රියාකාරී පුද්ගලයන්ගේ වැඩිවේ. මේ නිසා ක්‍රියාකාරීත්වය අඩු මහලු වියේදී අස්ථි සෑදීම අඩුවේ. මීට අමතරව වියපත් අයගේ පවතින විටමින් D ඌනතාවය නිසාද කැල්සියම් මට්ටම අඩුවේ. මේ සියළුම හේතු නිසා ඔස්ටියෝපොරෝසිස් රෝගය මහලු වියේදී සුලභ වේ.

ආර්ථවාභාවයට පසු සෑදෙන ඔස්ටියෝපොරෝසිස්.

මෙය ආර්ථවාභාවයෙන් වසර කිහිපයකට පසුව කාන්තාවන්ට සෑදේ. මෙම අවධියේදී ඩිම්බ කෝෂ වලින් නිපදවන ඊස්ට්‍රජන් මට්ටම අඩුවේ. ඊස්ට්‍රජන් ඌනතාවය නිසා අස්ථි අවශෝෂණය වීම හේතුවෙන් එහි ඝනත්වය අඩුවේ. මෙය නිසාද අස්ථි බිඳීමට ඇති හැකියාව වැඩිවේ.

ඔස්ටියෝපොරෝසිස් හි ප්‍රථිඵල.

මෙම රෝගය, රෝග ලක්ෂණ නොමැතිව අවධානයට ලක් නොවී, කාලයක් පැවතිය හැකි අතර පහත රෝග ලක්ෂණ ඇතිවිය හැක.
  • කොන්ද කැක්කුම
  • උසේ අඩු වීම සහ කුදු වීම
  • පහසුවෙන් අස්ථි බිදී යාම
       අස්ථි ඝණත්වය අඩුවත්ම, අස්ථි බිදී යාමද වැඩි වේ. ශ්‍රෝණි මේඛලාව හෝ කලව අස්ථි ඉතා සුළු අනතුරකින් බිඳී යා හැක. කෘතීම අස්ථි කොටස් මඟින් මෙය යථා තත්වයට පත් කල හැක.

අස්ථි නිරෝගීව තබා ගැනීම.

 

නිසිලෙස පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම සහ නිරෝගී දිවි පැවැත්මක් ගත කිරීම අස්ථි මනාලෙස වර්ධනය වීමට හේතු වේ. ආර්ථවාභාවය සිදු වූ කාන්තාවන්ට කෘතීම හෝර්මෝන ලබා දීමද සිදු කල  හැක. තරුණ වියේදී මනාලෙස ක්‍රියාකාරී වීමෙන් අස්ථි ශක්තිමත් කර ගත හැක.
මෙසේ ආහාර වලින් ප්‍රමාණවත් ලෙස කැල්සියම් ලබා ගැනීම සහ ක්‍රියාකාරීවීම අනාගතයේදී අස්ථි බිඳීයාම වැලැක්වීමට මහඟු ලෙස උපකාරී වේ. 

No comments:

Post a Comment