Wednesday, August 27, 2014

අපිට නැතුවම බැරි නමුත් අතේ ගා ගන්න අකමැති රුධිරය

රුධිරය කිව්වම අපේ ඇගට අමුතුම හැගීමක් දැනෙනව. ඒ වගේම
මිහිපිට සිටින ඕනිම සත්වයෙක් තමන්ගෙ ලේ හෙල්ලෙනවට කැමති නෑ. ඉතින් අද අපි ලේ ගැන විස්තරයක් දාන්න හිතුව.
                                              රුධිරය යනු විද්‍යාත්මකව අර්ථ දැක්වූවොත් විශේෂිත වූ සම්බන්දක පටකයක් ලෙස තමයි හදුන්වන්නෙ. අප මව් කුසයේ සිටින කාල්යේ සිටම අපගේ ශරීරය තුල රුධිරය නිෂ්පාදනය කරනවා.ප්‍රධාන වශයෙන්ම අක්මාව තමයි කලල අවස්ථාවෙදී රුධිරය නිපදවන්නෙ. උපතේ සිට අපගේ අස්ථි පද්ධතිය තුල පවතින ඇට මිදුලු තුල තමයි රුධිරය නිපදවීම සිදුකරන්නෙ.සාමාන්‍යයෙන් අපගේ බරින් 8% ක් රුධිරයට අයත් වෙනවා.නිරෝගී 70kg පුද්ගලයෙකුගෙ රුධිරය ලීටර් 5ක් පමන ඇති අතර එයින් 55% ක් පමණ ප්ලාස්මාවයි.
                                              රුධිරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කර දක්වන්න පුලුවන්.රුධිර සෛල හා ප්ලාස්මාව එම කොටස් දෙකයි.රුධිර සෛල නැවතත් කොටස් තුනකට වෙන්කර දැක්විය හැකි අතර ඒවානම්,
  •  රතු රුධිර සෛල
  • සුදු රුධිර සෛල
  • පට්ටිකා