Saturday, September 27, 2014

මධ්‍යසාර

                                        


අද වන විට අපේ රටේ වසංගතයක් වෙලා තියෙන මධ්‍යසාර ගැන
විස්තරයක් තමයි අද ඔයාලට කියන්න යන්නෙ. අපේ අය කොල්ලෙක් කියල පෙන්වන්න කියල හෝ මිනිහෙක් කියල පෙන්වන්න තමයි ම්ධ්‍යසාර භාවිතා කරන්නෙ. කොහොම බිව්වත් වෙරි වෙනව ඇරෙන්න ලොකු පිරිමිකමක්නම් එයාලගෙන් පේන්නෙ නෑ කියල හැමෝම දන්නවනේ. ඒ වගේම එයාලගෙන් එයාලගෙ මෝඩකමනම් හොදට ප්‍රදර්ශනය වෙනවා.
අපි බලමු වෙරි වෙනව කියල කියන්නෙ මොකක්ද කියල. මධ්‍යසාර නිසා සිදුවන මානසික සහ ශාරීරික බිඳ වැටීම තමයි වෙරි වීම කියන්නෙ. මෙය රුධිරයේ මධ්‍යසාර මට්ටමට දළ වශයෙන් සමානුපාතික වෙනවා. මධ්‍යසාර ප්‍රශ්වාස වාතය සමඟ පිටවන නිසා පරීක්ෂණය මඟින් රුධිර මධ්‍යසාර සාන්ද්‍රණය මැනගත හැක.
මෙහිදී මැනෙන මධ්‍යසාර සාන්ද්‍රණය සිරුරේ බර, ස්ත්‍රී පුරුෂ භාවය, සිරුරේ මේද ප්‍රමාණය, මධ්‍යසාර ගත් වේලාව, වෙනත් ආහාර ගැනීම සහ උරා ගැනීමේ ශක්තිය මත වෙනස් වේ. අක්මාව පැයකට මධ්‍යසාර සම්මත ඒකකයක් පරිවෘත්තියට ලක් කරයි. ව්‍යායාම, වමනය දැමීම, කෝපි පානය කිරීම මත රුධිර මධ්‍යසාර සන්ද්‍රණය වෙනස් නොවෙන අතර මධ්‍යසාර රුධිරයට ඇතුල් වූ පසු මධ්‍යසාර සාන්ද්‍රණය රඳා පවතිනුයේ කාලය මත පමනි.
රුධිර මධ්‍යසාර සාන්ද්‍රණය මනිනුයේ ප්‍රතිශතයක් වශයෙනි. මධ්‍යසාර සානද්‍රණය 0.05% ක් යනු රුධිරයේ 100ml තුල මධ්‍යසාර 0.05g ඇති බවයි. ශ්‍රි ලංකාවේ වාහනයක් පැදවීමට මධ්‍යසාර සඳහා ඇති නෛතික සීමාව 0.08% කි.

මධ්‍යසාර අවශෝෂණය

මධ්‍යසාර වලින් 90% කුඩා අන්ත්‍රයේදී උරාගන්න අතර ආමාශයෙන් 10% අවශෝෂණය කරගනී. මෙම මධ්‍යසාර යාකෘතික ප්‍රතිහාර ශිරාව මගින් අක්මාවට ගෙනයනු ලැබේ. මෙම මධ්‍යසාර වලින් 90% ක්ම අක්මා සෛල මඟින් පරිවෘත්තියට භාජනය වේ. මෙලෙස මධ්‍යසාර පරිවෘත්තියට ලක්වන සීඝ්‍රතාවය නියතයකි. අක්මාවේ පරිවෘත්තියට ලක්නොවෙන මධ්‍යසාර පරිවෘත්තියට ලක්වන තෙක් සිරුර පුරා සංසරණය වේ. එන්සයිම ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් හා මේදය හා ජලය පැතිරීමේ වෙනස්කම් කාන්තාවන් තුල මධ්‍යසාර අධික්‍රියාකාරීත්වයට හේතුවන බවට විශ්වාස කරයි.

අක්මාව

 

මධ්‍යසාර නිසා අක්මාවේ විවිඪ ආබාධ ඇතිවිය හැක. එය අක්මාවේ මේදය තැන්පත් වීම වැඩිවීමේ සිට සිරෝසිස් තත්වය දක්වා විය  හැක. මධ්‍යසාර පරිවෘත්තිය මගින් අක්මා සෛල තුල මේදය තැන්පත් වීම වැඩි කරයි. මෙම නිසා අක්මාව ඉදිමෙන අතර අජීර්ණය, වමනය, පාචනය යන රෝග ලක්ෂණ ඇතිවේ. දීර්ඝ කාලීන මධ්‍යසාර භාවිතය නිසා අක්මා ප්‍රදාහය හෙවත් හෙපටයිටීස් ඇතිවිය හැක. අවසානයේදී අක්මා සෛල මියයන අතර සිරෝසිස් තත්වය ඇතිවේ. සිරෝසිස් රෝගීන් වසර 5ක් ජීවත්වීමේ සම්භාවිතාවය 35% ක් පමණි. මෙම තත්වය අක්මාවේ පිළිකා දක්වා වර්ධනය විය හැක

ආහාර ජීර්ණ පද්ධතිය

මධ්‍යසාර ගල නාලයට සහ ආමාශයට විෂවන අතර ඒවායේ බිත්ති ඛාදනය කර අභ්‍යන්තර රුධිර නාල පිටතට විවෘත කරයි. මේ නිසා රුධිර ගැලීම් ඇතිවන අතර ආමශ බිත්ති තුවාල වී එම බිත්ති සිදුරු විය හැක. මෙය මාරාන්තික තත්වයකි.ගලනාලය පහල කොටසේ ඇති දුර්වල වූ ශිරාවන් පුපුරා යාම මරණයෙන් පවා කෙලවර විය හැක. දීර්ඝ කාලීන මධ්‍යසාර භාවිතය නිසා අග්න්‍යාශ ප්‍රදාහය හා අග්න්‍යාශ පිළිකා ඈතිවිය හැක. විටමින් සහ ඛනිජ ලවන උරා ගැනීම අඩුවීම නිසා මන්දපෝෂණ තත්වය ඇතිවිය හැක.

No comments:

Post a Comment