Wednesday, August 27, 2014

සමබල ආහාර වේලක්...I

ආහාර කිව්වම අද ලෝකෙ දවස් සති මාස ගණන් කථා කලත් ඉවර කරන්න බැරි තරමෙ ආහාර සංඛයාවක් තියෙනවා. නමුත් එහෙමයි කියලඒ ආහාර අපිට ගැලපෙනවද නැද්ද කියල ‍තෝරා බේරා නොගත්තොත් දුක් විදින්න වෙන්නෙත් අපිටම තමයි.

                                                 අපගේ සෞඛ්‍ය ගැන කතා කරනකොට ඉන් ප්‍රධානම තැන ලැබෙන්නෙ ආහාර වලට. මොකද අපිට හැදෙන ගොඩක් ලෙඩ වලට මූලික වෙන්නෙ අපගේ තියෙන වැරදි ආහාර රටාවන් නිසා.
                                                 ආහාර කියන්නෙ මොනාද? අපගේ ශරීර වර්ධනයට, නිරෝගීව පවත්වාගෙන යාමට ශරීරය තුලට ගන්නා ඕනෑම ද්‍රවයක් (ඝන, ද්‍රව මෙන්ම ජලයේ දියවෙන, ජලයේ දිය නොවන ද්‍රවයක්) ආහාරයක් ලෙස කියන්න පුලුවන්.
                                                 ඇයි අපි ආහාර ගන්නෙ? ඒ සදහා ප්‍රධාන හේතු තුනක් තියෙනවා
  • ශක්තිය උත්පාදනය කර ගැනීමට
  • නව පටක වර්ධනයට හා ගෙවී ගිය පටක අලුත්වැඩියාවට
  • ශරීර වර්ධනයට අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට
මේ කියන කරුණු වලින් එකක් හෝ සම්පුර්ණ කරන ආහාරයක් පෝෂ්‍යදායී අහාරයක් ලෙස හදුන්වන්න පුලුවන්.
                                                 සමබල ආහාර වේලක් කිව්වම හැමෝම හිතන්නෙ හැමදේම තියෙන ආහාර වේලක් කියල. නමුත් ඒක වැරදි මතයක්. සමබල ආහාර වේලක් කියන්නෙ අපගේ වයස, ස්ත්‍රි/පුරුෂ භාවය මෙන්ම අපගේ ශාරීරික තත්වය(උදා- රෝගාතුරව, කිරිදෙන මව) අනුව අවශ්‍ය පොෂ්‍යය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයෙන් (අධි මාත්‍ර හා අංශු මාත්‍ර ලෙස) හා අවශ්‍ය ආකාරයෙන් පවතින ආහාරයක්.අවශ්‍ය ආකාරයෙන් කියල අදහස් කලේ අපිට ජීර්ණය කර අවශෝෂණය කරගත හැකි බවයි.(උදා- කාබෝහයිඩ්‍රේටයක් ලෙස සැලකුවත් ශාක සෛල බිත්ති වල පවත්නා සෙලියුලෝස් නම් ද්‍රව්‍ය අපට ජීර්ණය කල නොහැක.)පහත රූපයේ දක්වා ඇත්තේ අප එදිනෙදා ගන්නා ආහාර වල අඩංගු වියයුතු දේවල් වන අතර ඒවා අඩංගු විය යුතු ප්‍රමාණයන් පිලිබදවයි.
                                                 සරලව ගත්තොත් අපගේ එදිනෙදා ආහාරයට පහත සදහන් පොෂ්‍ය ද්‍රවය තිබිය යුතුමයි.
  • කාබෝහයිඩ්‍රේට්
  • තෙල් සහ මේදය
  • ප්‍රොටීන්
  • විටමින්
  • ඛනිජ ලවණ
  • ජලය
  • තන්තු